English தமிழ்
දැන්ම විමසන්න

ඕ’යර්ස් සැලරි සේවර්


වැටුප් ලබන්නන්ට කරදරයකින් තොරව සේවාවක් සැපයීම සඳහා පුරෝගාමී නව්‍ය සහ අති නවීන පද්ධති හා නිෂ්පාදන ඉදිරිපත් කරමින් අපි ඩිජිටල් විප්ලවයේ ඉදිරියෙන්ම සිටිමු. OYES සැලරි සේවර් ගිණුම යනු වැටුප් ලබන පුද්ගලයන්ට ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට සහායක් ලෙස නිර්මාණය කර ඇති නව්‍ය නිමැවුමකි. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් OYES ඇඩ්වාන්ස් පහසුකම හරහා ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබේ වැටුප ප්‍රේෂණය (Remit) කර වැටුප් අත්තිකාරමක් ලබා ගන්න.

ප්‍රතිලාභ

  1. iPay, OYES ඇඩ්වාන්ස් හරහා ක්ෂණික වැටුප් අත්තිකාරම් පහසුකම
  2. තෝරාගත් අනුපාත යටතේ පෞද්ගලික ණය පහසුකම්.
  3. සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැතිව නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක්.
  4. සම්බන්ධ වීමේ හෝ වාර්ෂික ගාස්තු නොමැතිව නොමිලේ ජාත්‍යන්තර EMV ඩෙබිට් කාඩ්පත.
  5. සම්බන්ධ වීමේ හෝ වාර්ෂික ගාස්තුවක් නොමැතිව නොමිලේ ජංගම යෙදුම සහ ඔන්ලයින් පහසුකම.
  6. ඔබගේ ගිණුම සඳහා ඉහළ පොලී අනුපාතයක්.
  7. SLIPS / CEFTS හුවමාරු සඳහා ගාස්තුවක් නැත.
  8. ගාස්තුවකින් තොරව දිවයින පුරා සියළුම VISA ATM යන්ත්‍ර වෙත ප්‍රවේශය.
  9. අවම මාසික ශේෂයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත.

සුදුසුකම් ලබන්නන්

වයස අවුරුදු 18 ක් හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක්.

අවශ්‍ය ලියකියවිලි

  1. සම්පූර්ණ කරන ලද ගිණුම විවෘත කිරීමේ පෝරමය
  2. ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
  3. ස්ථිර ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයෙන් වෙනස් නම් උපයෝගිතා (ජල/ විදුලි/ දුරකථන හෝ වෙනත්) බිල්පතක පිටපතක්.


LOLC රියල් ටයිම් කෝපරේට් (LOLC ආයතනික බැංකු පහසුකම් පද්ධතිය)

LOLC ෆිනෑන්ස් කෝපරේට් අන්තර්ජාල බැංකු පහසුකම් පද්ධතිය ආයතනික පරිශීලකයින් සහ සේවායෝජකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, සේවක වැටුප් කළමනාකරණය කිරීම, අරමුදල් හුවමාරු කිහිපයක් සිදු කිරීම, උපයෝගිතා බිල්පත් ගෙවීම් සහ වෙනත් විවිධ සේවාවන් වෙත ප්‍රවේශ වීමට පහසුකම් සපයයි. සේවායෝජකයින්ට සහ සමාගම්වලට එක් ‘ක්ලික්’ කිරීමක් මඟින් තම සේවකයින්ගේ වැටුප් පහසුවෙන් බැර කළ හැකිවේ. මෙම පහසු කාර්යක්ෂම ක්‍රියාවලිය පරිශීලක-හිතකාමී විශේෂාංග රැසකින් සමන්විත වන අතර, ගිණුම් කිහිපයකට මුදල් බැර කිරීමේදී වෙහෙසකින් තොරව කාලානුරූප ගනුදෙනු සහතික කරමින් පරිශීලකයින්ගේ කාලය ඉතිරි කරයි.

OYES

“OYES,” යනු වැටුප්කරණයේ වැඩි දියුණුව සඳහා නිර්මාණය කර ඇති සරල ඉදිරිපත්කිරීමක් සහිත මෘදුකාංගයකි. මෙම අගනා ඩිජිටල් වේදිකාව මඟින් සේවකයින්ට අවශ්‍ය විටෙක තමන් දෛනිකව උපයාගත් වැටුප් වෙත ප්‍රවේශ වීමේ අවස්තාව සලසයි. OYES සේවකයින්ගේ වැටුප් වැඩිදියුණු කරලීම සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියා කරන අතර, කරදරකාරී ලේඛන කටයුතු සහ ගෙවීම් ක්‍රියාවලීන් අවම කිරීමෙන් සේවා යෝජකයින් මත ඇති බර සැහැල්ලු කරයි.


වැඩි විස්තර සඳහා කරුණාකර 0115715555දුරකථන අංකය අමතන්න