English தமிழ்
දැන්ම විමසන්න

ස්‌වයංක්‍රිය ටෙලර් කාඩ්පත් සහ සහ ඩෙබිට් කාඩ්පත්


කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා පිහිටි 500 ඉක්මවූ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා ගණුදෙනු කළහැකි ATM කාඩ්පත් අපේ ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට පිරිනමන්නෙමු. කඩිනම් සහ සුරක්ෂිත ගණුදෙනු අත්විඳින්න, ඔබේ මුදලට අවශ්‍ය අවස්ථාවන්හිදී කරදරයකින් තොරව ප්‍රවේශ වන්න.

  • සෑම ඉතුරුම් ගිණුමක් සමඟම ATM කාඩ්පත නොමිලයේ ලබා දෙනු ලැබේ
  • පැය 24 පුරා පාරිභෝගික සේවය
  • සුරක්ෂිත භාවය, වේගය සහ පහසුව

හර (ඩෙබිට්) කාඩ්පත්

ගෝලීය වීසා ජාලය හා සම්බන්ධ ඕනෑම වෙළෙඳකු සමඟ ක්ෂණික හා ආරක්ෂිත ගණුදෙනු අත්දැකීමක් ලබන්න. එමගින් ඔබට ඕනෑම ගෙවීමක් පැය 24 පුරා සිදු කිරීම සඳහා වඩාත් නම්‍යශීලීතාවක් ලබා දෙයි.

  • දිවයින පුරා ඕනෑම වීසා ATM යන්ත්‍රයකින් වියදමකින් තොරව මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • දේශීය හා විදේශීය සියළුම VISA වෙළෙඳ සැල් මඟින් පිළිගැනීම
  • දේශීය POS (ස්ථානීය විකිණුම්) ගණුදෙනු සඳහා ගාස්තු අය නොකෙරේ
  • කිසිදු ඇතුලත් වීමේ හෝ වාර්ෂික ගාස්තුවක් නොමැත
  • සියළු ගණුදෙනු වලදී කෙටි පණිවුඩ (SMS) දැනුම්දීමක්
  • විශේෂ වට්ටම් හා දීමනා සඳහා හිමිකම් ලැබීම
  • මුදලට වඩා සුරක්ෂිතයි! ඔබගේ සියලු ගණුදෙනු සඳහා එක් කාඩ්පතක්
  • ඔබට කොතැනක සිටියද කඩිනම්, පහසු සහ කාර්යක්ෂම ගණුදෙනු සිදුකල හැක