English தமிழ்
දැන්ම විමසන්න

විකල්ප මූල්‍ය සම්පාදන ක්‍රම ලොව පුරා පැතිරීමත් සමඟ, LOLC ෆිනෑන්ස්, විකල්ප මූල්‍ය අනුගත මූල්‍ය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා කර්මාන්තයට නව මුහුණුවරක් ගෙන ඒමට සමත්වී තිබේ. මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී වඩාත් ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කිරීමේ අරමුණින්, අප සියළුම විකල්ප මූල්‍ය සේවාවන් විකල්ප මූල්‍ය සංකල්පවලට අනුකූලව කටයුතුකරන බවට සහතික කිරීම සඳහා ඒ සඳහාම වෙන්වූ ඉස්ලාමීය ව්‍යාපාර ඒකකය ස්ථාපිත කරන ලදී.

අපගේ ඉස්ලාමීය ව්‍යාපාර ඒකකය අල්ෆලාහ්, විකල්ප මූල්‍යකරණය ඉහල තලයකට ගෙන ඒම අරමුණු කර ගනිමින් මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව මුළුමහත් ජාතියටම ලාභ ලබාගැනීමේ ආයෝජන විකල්ප රැසක් ඉදිරිපත් කරමින් ආයෝජන කලඹ පුළුල් කර තිබේ. අපේ ආයෝජන කලඹ යටතේ ප්‍රධාන මූල්‍ය ඉදිරිපත් කිරීම් 7 ක් සංවර්ධනය කර තිබේ: මුදාරබා - ලාභ බෙදාගැනීමේ ආයෝජන සහ ඉතුරුම්, වකාලා - දිගුකාලීන ආයෝජන ; ඉජාරා - ලීසිං, මුරබහා: වෙළඳ මූල්‍ය, හීනවන මුෂාරාකා : දේපල හා ව්‍යාපෘති මූල්‍ය, මුසවාමා : ආනයන මූල්‍ය සහ වකාලා ව්‍යාපාර සහ මෙහෙයුම් ප්‍රාග්ධන මූල්‍ය.

අප තෝරාගන්නේ ඇයි ?


අපගේ විකල්ප මූල්‍ය අනුගත මූල්‍ය සේවාවන් සහ ප්‍රසාද ඔබේ ජීවිතයේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකසා ඇති අතර ඔබට වැදගත් වන්නේ කුමක්දැයි හඳුනා ගනී. විකල්ප මූල්‍ය අනුගත තැන්පතු ගිණුම් සඳහා අනුමැතිය දිගුකල ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි ප්‍රථම මූල්‍ය සමාගම ලෙස විකල්ප මූල්‍ය ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය ප්‍රවීණයන් විද්වතුන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත අප ආයතනයට සුවිශේෂී විකල්ප මූල්‍ය අධීක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කර ඇති අතර, ඔවුන් උපදෙස් සහ මාර්ගෝපදේශකත්වය සපයමින් සියළු මෙහෙයුම් කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය සහ විගණනය සිදු කරයි. අල්ෆලාහ් මූලික ප්‍රතිපත්ති යටතේ සියළු ගණුදෙනුකාර පාර්ශ්වයන් අතර, සහයෝගීතාවය, විශ්වාසය, අවංකභාවය හා විවෘතභාවය සෑම අවස්ථාවකදීම පවත්වා ගෙනයාම සහතික කරයි.

  • සාමාන්‍ය: +94 11 5500786
  • විමසීම් - ශෆීන්: +94 77 1641536
  • ෆැක්ස්: +94 11 2662887
  • විද්යුත් තැපෑල: [email protected]
  • ව්‍යාපාරික වේලාවන්: පෙ.ව. 8.30 සිට ප.ව 5.00 දක්වා (සඳුදා සිට සිකුරාදා)
  • කැපවූ විකල්ප මූල්‍ය සේවා අධීක්ෂණ මණ්ඩලය (SSB)
  • ආයතනය තුලදී විකල්ප මූල්‍ය පිළිබඳ උපදේශකත්වය
  • විකල්ප මූල්‍ය අනුගත ඉදිරිපත් කිරීම් සහ සේවා
  • පුළුල් ශාඛා ජාලය
  • SSB අනුමැතිය ලත් ගිණුම්කරණ ප්‍රමිති
  • පූර්ණ පුහුණුව ලද අලෙවිකරණ කාර්ය මණ්ඩලය
  • කරදරයෙන් තොර ක්‍රියාපටිපාටි සහ පිළිවෙත්

ආයෝජන විකල්ප


හොඳම මූල්‍ය විසඳුම් සැපයීම සඳහා අප දැඩිව කැපව සිටින අතර, ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා

මූල්‍ය විකල්ප සහ ණය පහසුකම්


හොඳම මූල්‍ය විසඳුම් සැපයීම සඳහා අප දැඩිව කැපව සිටින අතර, ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා අපගේ මූල්‍ය ඉදිරිපත් කිරීම් සඳහා නව වටිනාකම් එකතු කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරමු.