English தமிழ்
දැන්ම විමසන්න

අල්-ෆලාහ් ලේඩීස් – අගය එකතු කිරීම්


අල්-ෆලාහ් ලේඩීස් ගිණුම් හිමියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති එම්ප්‍රෙස් වට්ටම් කාඩ්පත, රැකියා වල නිරත සහ රැකියා නොකරන සියළු කාන්තාවන් සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. එම්ප්‍රෙස් කාඩ්පත හඳුන්වාදී ඇත්තේ මව්වරුන්, ව්‍යවසායක කාන්තාවන්, ගෘහනියන්, ශ්‍රමිකයන් සහ සත්කාරකයන් යන ඔවුන්ගේ ජීවිතයේ බහුවිධ කාර්යභාරයන් පිළිගෙන ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙනි. ‘එම්ප්‍රෙස්’ විශේෂ වට්ටම් කාඩ්පත ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් පිරිනමනු ලබන ඒ ආකාරයේ පළමු කාඩ්පත වේ. එමඟින් කාඩ්පත් හිමි කාන්තාවන්ට සාප්පු සවාරියේ යෙදෙන අතරතුර ඉතිරිකිරීමටද අවස්ථාව සැලසෙන අතර, ගෘහස්ථ වියදම් කළමනාකරණය කිරීමට මෙන්ම කාලීනව සහ වසර පුරා පිරිනමන විශේෂ වරප්‍රසාද හිමිකර ගැනීමටද හැකිවේ.

විශේෂ ප්‍රවර්ධන – දැන් ක්‍රියාත්මක ප්‍රවර්ධන දීමනා සඳහා 011 5889 785 අමතන්න.

  • ඕනෑම ඉස්ලාමීය බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් විසින් පිරිනමනු ලබන ප්‍රථම “වට්ටම් කාඩ්පත”
  • දිවයින පුරා 80 වැඩි වෙළෙඳ සහකරුවන් සමඟ සම්බන්ධවීම
  • තෝරාගත් වෙළඳසැල් වෙතින් සිදුකරන ලද මිලදී ගැනීම්වල වටිනාකමෙන් 40% දක්වා වට්ටම්
  • ඔබේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පරීක්ෂාකාරීව තෝරාගත් වෙළෙඳ සහකරුවන්
  • වසර පුරා වලංගු දීමනා (නැවත අළුත් කළහැකි)
  • ළදරු සහ ළමා භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, සපත්තු, ස්වර්ණාභරණ, රුපාලංකාර, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ, මල්, විදුලි උපකරණ, කාර්යාල උපකරණ, විදුලි සංදේශ, රෝහල්, ඖෂධ, දෘෂ්ටි විශේෂඥයන්, හෝටල්, ආපනශාලා, පොත්පත්, සඟරා, සුභපැතුම් පත්, රක්ෂණ ඇතුළු මෙම සේවාව වලංගු වෙනත් භාණ්ඩ හා සේවා රැසක්
  • සන්නාමකරණ සහ දත්ත ගබඩා කිරීමේ කාඩ්පත
  • සියළුම අල්-ෆලා කාන්තා ඉතුරුම් ගිණුම් හිමියන්ට නොමිලයේ නිකුත් කෙරේ
  • විශේෂ දීමනා සහ අගය එකතු කිරීම පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම්, ලිපි / විද්‍යුත් තැපෑල / SMS / ට්විටර් පණිවිඩ මගින්
  • විශේෂිත අල් ෆලාහ් මධ්‍යස්ථාන 7 ක් ඇතුළු දිවයින පුරා 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා මඟින් අයදුම් කළ හැක
  • අල් ෆලාහ් ලේඩීස් වට්ටම් කාඩ්පත සඳහා සුදුසුකම් ලැබීමට නම් රුපියල් 5,000 ක අවම ශේෂයක් සහිත අල්-ෆලා කාන්තා ඉතුරුම් ගිණුම් (හෝ නව ගිණුමක් විවෘත කළ යුතුය) හිමි තැනැත්තියක විය යුතුය

එම්ප්‍රෙස් වෙළඳ සහකරුවන්


හෝටල් සහ ආපනශාලා


විදුලි උපකරණ, කාර්යාල උපකරණ සහ සන්නිවේදන


රෝහල්, ඔසුසල් සහ අක්ෂි විශේෂඥයන්


වාහන සත්කාරක


ගෘහභාණ්ඞ, ගෘහ උපකරණ සහ මල්


ළදරු සහ ළමා භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, සපත්තු, ස්වර්ණාභරණ, රුපාලංකාර


පොත් පත් සඟරා සහ සුභපැතුම්පත්


සංචාර සහ සංචාරක සේවා


අධ්‍යාපන ආයතන


තකාෆුල් සේවා