අල්-ෆලාහ් ජූනියර් බාලවයස්කාර ඉතුරුම් ගිණුම මඟින් ලාභ බෙදාගැනීමේ ෂරියා මූලධර්මය මත පදනම්ව පරිපූර්ණ ඉතුරුම් සැලැස්මක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලාංකීය විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ ඒ ආකාරයේ ගිණුම වන අල්-ෆලාහ් ජූනියර් ඔබේ දරුවාට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අත්කරගැනීමට මෙන්ම ළමාවියේ සිටම ඉතිරිකිරීමේ පුරුද්ද සහ මූල්‍ය විනය ඇතිකරගැනීමට උපකාර වනු ඇත.
ආකර්ශනීය ප්‍රතිලාභ, ඉහළ ලාභ සහ ත්‍යාග වලින් සමන්විත මෙම ළමා ඉතුරුම් ගිණුම මඟින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් උදෙසා ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසන අතර, වයස අවුරුදු 18 කරා ලඟා වනවිට ඔවුන්ට උසස් අධ්‍යාපනය හෝ අනෙකුත් ජීවිත ඉලක්ක ලඟාකර ගැනීමට සහය වේ.