English தமிழ்
දැන්ම විමසන්න

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස LOLC ෆිනෑන්ස්
ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන නව්‍ය සහ ප්‍රායෝගික විසඳුම්
ලබාදීමෙන් කීර්තිනාමයක් හිමිකරගෙන සිටී. LOLC සමූහයේ ශක්තියෙන් සවිබල
ගැන්වුණු අප, හැඩය සහ ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබගේ සිහින යථාර්ථයක්
කරලීම තහවුරු කරමින් කර්මාන්තයේ විශ්වාසය දිනූ නාමයක් බවට පත්ව
සිටිමු.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන LOLC ෆිනෑන්ස් පී.එල්.සී.
සුවිශේෂී අනන්‍යතාවයකින් යුක්ත වේ. LOLC සමූහයේ ප්‍රධානතම ආයතනයක්

ලෙස අප නොසැලෙන පදනමක සිට ප්‍රමිතිය පවත්වා
ගනිමින් ගණුදෙනුකරුවන් පූර්ණ ලෙස තෘප්තිමත් කරමින් අසමසම
මූල්‍ය විශේෂඥතාවයකින්, අපේක්ෂාවන් සහ ඉලක්කයන් අතර වෙනස යාකරලීම
උදෙසා මුල්බැස පැතිර සිටිමු.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය විසඳුම් ආයෝජන කළඹ ලෙස ආරම්භය සනිටුහන්
කල LOLC ෆිනෑන්ස්, එළඹුණු ක්‍රමෝපාය සන්ධානයන් සහ දිරිමත් ප්‍රවේශයන්
තුලින් වචනයේ පරිසමාප්තියෙන්ම පොදු ජනතාව සවිබලගන්වන අතර, බිම්
මට්ටමේ ව්‍යවසායකයන් වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත්
ඉහල මට්ටමේ ආයතනික විධායකයන්ටත් එකසේ සේවා සලසයි. මෙම
වර්ධනය හා විවිධාංගීකරණය ඔස්සේ සමාගම, වර්ධනය – සශ්‍රීකත්වය සහ
සාර්ථකත්වය උදෙසා අවස්ථාවන්ට අනුගත වෙමින් ඉස්ලාමීය මූල්‍ය, මෝටර් රථ
සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මුල්‍ය, මෙහෙයුම් ප්‍රාග්ධන සහ විදේශ
මුදල් ව්‍යාපාර ආදී ක්ෂේත්‍ර පිවිස සිටී.

ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන මූල්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත්
සහකරුවෙකු ලෙස අප සමාගම උරුමයෙන් ලද ශක්තියෙන් සහ පරාක්‍රමයෙන්
ඊට කැපී පෙනෙන කාර්යසාධනයක් එක්කරයි. ශ්‍රී ලාංකික
ජනතාවගේ ජීවිතවල වෙනසක් ඇති කිරීම සඳහා වූ දැක්මෙන් යුතුව නව
නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය කරමින් විශේෂයෙන් රටේ මෙතෙක්
හුදකලාව පැවති ප්‍රදේශවලද නව වෙළඳපොලක් නිර්මාණය කිරීමට අපි
අපේක්ෂා කරමු. අපගේ ව්‍යාපාර සංවර්ධනය නිරන්තයෙන්ම ආර්ථිකයේ නැඟී
එන වර්ධන ක්ෂේත්‍රයන් හා අප කාර්ය මණ්ඩලයේ විශේෂඥතාවන්, සන්ධානයන්

සහ LOLC සමඟ අපගේ සම්බන්ධතාවයන් සමඟ සබැඳී පවතින අතර අපගේ
නිෂ්පාදන සහ සේවාවන් තුලින් ජීවිත වැඩිදියුණු කිරීම, සිහින සැබෑ කරලීම,
දිගු කාලීන අභිලාෂයන් ඉටු කරලීම හා අපගේ ප්‍රජාව බල ගැන්වීමට හැකි වන
බව අපේ විශ්වාසයයි.