English தமிழ்
දැන්ම විමසන්න
LOLC Real Time App

LOLC රියල් ටයිම් යෙදවුම


LOLC රියල් ටයිම් යෙදවුම යනු සම්මානලාභී ජංගම සහ අන්තර්ජාල බැංකු විසඳුමක් වන අතර එමඟින් LOLC ෆිනෑන්ස් ගණුදෙනුකරුවන්ට ක්ෂණිකවම සේෆ්ට් - CEFT (පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු) සහ ස්ලිප්ස් - SLIPS (ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය) හරහා ක්ෂණිකව මුදල් යැවීමට සහ ලබා ගැනීමට අවස්ථාව සලසයි. පූර්ණ ලෙස ඒකාබද්ධ අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් වන LOLC රියල් ටයිම් යෙදවුම අසමසම පහසුවක් සමඟ සුපිරි වේගයක් සහ ආරක්ෂිත බවකින් යුක්ත වේ.

LOLC රියල් ටයිම් යෙදවුම මගින් ඔබට ඉදිරි දිනකදී ක්‍රියාත්මක වන පරිදි උපයෝගිතා බිල්පත් ගෙවීම් සහ වෙනත් සැලසුම්ගත ගෙවීම් සිදුකළ හැක. එමෙන්ම මෙම යෙදවුම LOLC ලීසිං සහ රක්ෂණ ගෙවීම් සිදුකිරීම සඳහාද පහසුකම් සපයයි. ඔබට මේ හරහා කිසිදු වියදමකින් තොරව ඕනෑම වටිනාකමක ඕනෑම ගණුදෙනුවක් සිදුකොට LOLC ඉතුරුම් ගිණුමේ ආකර්ෂණීය පොලී අනුපාතද භුක්ති විදිය හැකිවේ.

LOLC රියල් ටයිම් සේවාව සමඟ ලියාපදිංචි වීම සඳහා දිවයින පුරා පිහිටි ඕනෑම LOLC ෆිනෑන්ස් ශාඛාවක් වෙත පිවිසෙන්න. ලියාපදිංචි වූ පසු ඔබට, ඇන්ඩ්රොයිඩ් උපකරණවල ප්ලේ ස්ටෝර් (Play Store) සහ ඇපල් උපකරණ සඳහා ඇපල් ස්ටෝර් (Apple Store) ඔස්සේ පහසුවෙන් සොයා LOLC රියල් ටයිම් (LOLC Real Time) යෙදවුම ස්ථාපනය කළ හැකිවේ.

Attractive Interest Rates

ඔබේ LOLC ඉතුරුම් ගිණුමට ආකර්ෂණීය පොලී අනුපාත

Zero Cost

කිසිදු වියදමකින් තොරව ඕනෑම වටිනාකමක ඕනෑම ගණුදෙනුවක්

24/7 Call Center

LOLC රියල් ටයිම් සහ ATM ලියාපදිංචිය හෝ වෙනත් ඕනෑම විමසීමක් සඳහා පැය 24 පුරා ඇමතුම් මධ්‍යස්ථානය

Easy to manage

සියළු LOLC ගිණුම් පහසුවෙන් කළමනාකරණය

Real Time

ඒ මොහොතේම සහ ඉදිරි දිනකදී ක්‍රියාත්මක වන පරිදි බිල්පත් ගෙවීම

Transactions 24/7

පැය 24 පුරා කොතැනක සිටියත් ගණුදෙනු කළහැකි වීම