English தமிழ்
දැන්ම විමසන්න

LOLC ෆිනෑන්ස් වෙතින් පිරිනැමෙන සරල එහෙත් නම්‍යශීලි විසදුම් මඟින් හොඳම පොලී අනුපාත සමඟ නම්දැරූ අප සේවාවන් ඔබට සහතික වශයෙන් හිමිවනු ඇත. ඔබේ ඉතුරුම් ආයෝජන කළඹ විවිධාංගීකරණය සහ ඉහල ප්‍රතිලාභ ඉලක්ක කරගත්, පුළුල් පරාසයක විහිදුනු අපගේ ඉතුරුම් සහ තැන්පතු ගිණුම්වල වාසිය අත්විදින්න.

ඉතුරුම් ගිණුම්


LOLC ෆිනෑන්ස් හි විශේෂඥතාවයෙන් ඔබේ ධනය උපරිම ලෙස වර්ධනය කරන්න. අපගේ ඉතුරුම් සේවාවන් පරිපූර්ණ ශාඛා 62 ක් සහ සේවා මධ්‍යස්ථාන 12 ක් ඔස්සේ සපයනු ලබයි. ඊට අමතරව සියලුම ඉතුරුම් ගිණුම් හිමියන්ට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) සහ ඩෙබිට් කාඩ්පත් හිමිවේ. දේශීය හා ගෝලීය වශයෙන් ඕනෑම Visa ATM ජාලයක් ඔස්සේ ඔබගේ මුදල් ඉවත් කර ගැනීමේ පහසුව අත්විඳින්න.

අපගේ සේවාවන් ඔබේ නිශ්චිත අවශ්‍යතාවන් සපුරාලයි. මූලික වෙනස වන්නේ ගිණුම් විවෘත කිරීමේ ආරම්භක තැන්පතු මුදල සහ පවත්වාගෙන යායුතු අවම තැන්පතු මුදලයි. අපගේ ඉතුරුම් ගිණුම් කළඹට අයත් ප්‍රධාන සේවාවන් වන්නේ:

ස්ථාවර තැන්පතු


අනාගතය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් වුවත්, ඔබේ අපේක්ෂාවන් සපුරාලන නිවැරදි විසඳුම් සොයා දෙමින් ඔබේ ධනය වර්ධනය කර ගැනීම සඳහා අපට සහාය විය හැක. LOLC ෆිනෑන්ස්හි තරඟකාරී පොලී අනුපාත මෙන්ම ගණුදෙනුකරුවන් උදෙසා වන පැය 24 පුරා සේවයෙන් ප්‍රතිලාභ හිමිකරගන්න. ක්ෂේත්‍රයේ හොඳම අනුපාතයන් වන අපගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත නව්‍ය යෝජනා ක්‍රම, විකල්ප රැසක් සහ ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සහතික කරයි. තැන්පතු වල කල්පිරීමේ කාලසීමාව මාසයේ සිට මාස 60 දක්වා විහිදෙන අතර පුද්ගලිකව හෝ හවුල් ගිණුම් ලෙස පවත්වාගත හැක. අපගේ සේවාවන් පහත දැක්වේ.

විදේශ මුදල් ගණුදෙනු


LOLC ෆිනෑන්ස්හි අපේ ප්‍රමුඛත්වය සැමවිටම ඔබයි. ඔබ නිවසේදී මෙන්ම වෙනත් රටකදී වුවද, ඔබේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලන පරිපූර්ණ විසඳුම් අප සපයන්නෙමු. අපගේ කාර්ය මණ්ඩලය ඔබේ විමසුමට ප්‍රතිචාර දක්වමින්, ගිණුමක් ආරම්භ කිරීමේ සිට දේශීය වෙළඳපොළ පිළිබඳ විශේෂඥ උපදෙස් දක්වා ඔබට උපරිම සහය ලබාදෙනු ඇත. ඔබ කොතැන ගියත් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබට නිරවුල් මනසක් පවත්වාගැනීමට අපි කැපවී සිටිමු. විදේශ මුදල් ගණුදෙනු වල නිරත ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්හි ඔබේ විදේශ මුදල් තැන්පත් කර ඉහළ පොලී අනුපාතයන් උපයන්න.