English தமிழ்
දැන්ම විමසන්න

ප්‍රමුඛ මූල්‍ය සේවා සමාගමක් ලෙස, LOLC හි අපි, සමාජ සංවර්ධනය උදෙසා වඩාත් අර්ථවත් ලෙස දායක විය හැක්කේ මූල්‍ය අන්තර්ග්‍රහනය ප්‍රවර්ධනය කිරීමෙන් බව විශ්වාස කරමු. එබැවින්, විරැකියාව සහ සමාජ අසමානතාව වැනි ජාතික ගැටළු වලට විසඳුම් සපයන ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ පෝෂණය කිරීම පිළිබඳව අවධානය යොමු කරමු. අපගේ මූල්‍ය සේවා බොහොමයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME’s) සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහය වීම සහ නංවාලීම උදෙසා ක්‍රියාත්මක වේ. දිවයින පුරා විසුරුණු අපගේ ශාඛා ජාලය සහ පුළුල් ලෙස විහිදුනු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර ජාලය දිවයිනේ ඈත දුර ප්‍රදේශ වල සිටින ගණුදෙනුකරුවන්ට පවා මූල්‍ය ප්‍රවේශය සපයයි.

අපගේ පරිසර හිතකාමී පියවර සමූහ මට්ටමට අනුකූල වන අතර, සමාගම, LOLC සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට සක්‍රියව දායක වේ.