සිං
LOLC රියල් ටයිම් යෙදවුම යනු සම්මානලාභී ජංගම සහ අන්තර්ජාල බැංකු විසඳුමක් වන අතර එමඟින් LOLC ෆිනෑන්ස් ගණුදෙනුකරුවන්ට ක්ෂණිකවම සේෆ්ට් - CEFT (පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු) සහ ස්ලිප්ස් - SLIPS (ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය) හරහා ක්ෂණිකව මුදල් යැවීමට සහ ලබා ගැනීමට අවස්ථාව සලසයි. පූර්ණ ලෙස ඒකාබද්ධ අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් වන LOLC රියල් ටයිම් යෙදවුම අසමසම පහසුවක් සමඟ සුපිරි වේගයක් සහ ආරක්ෂිත බවකින් යුක්ත වේ.
LOLC රියල් ටයිම් යෙදවුම මගින් ඔබට ඉදිරි දිනකදී ක්‍රියාත්මක වන පරිදි උපයෝගිතා බිල්පත් ගෙවීම් සහ වෙනත් සැලසුම්ගත ගෙවීම් සිදුකළ හැක. එමෙන්ම මෙම යෙදවුම LOLC ලීසිං සහ රක්ෂණ ගෙවීම් සිදුකිරීම සඳහාද පහසුකම් සපයයි.
LOLC රියල් ටයිම් සේවාව සමඟ ලියාපදිංචි වීම සඳහා දිවයින පුරා පිහිටි ඕනෑම LOLC ෆිනෑන්ස් ශාඛාවක් වෙත පිවිසෙන්න. ලියාපදිංචි වූ පසු ඔබට, ඇන්ඩ්රොයිඩ් උපකරණවල ප්ලේ ස්ටෝර් (Play Store) සහ ඇපල් උපකරණ සඳහා ඇපල් ස්ටෝර් (Apple Store) ඔස්සේ පහසුවෙන් සොයා LOLC රියල් ටයිම් (LOLC Real Time) යෙදවුම ස්ථාපනය කළ හැකිවේ.
ඔබේ LOLC ඉතුරුම් ගිණුමට ආකර්ෂණීය පොලී අනුපාත
LOLC රියල් ටයිම් සහ ATM ලියාපදිංචිය හෝ වෙනත් ඕනෑම විමසීමක් සඳහා පැය 24 පුරා ඇමතුම් මධ්‍යස්ථානය
සියළු LOLC ගිණුම් පහසුවෙන් කළමනාකරණය
ඒ මොහොතේම සහ ඉදිරි දිනකදී
ක්‍රියාත්මක වන පරිදි
බිල්පත් ගෙවීම
පැය 24 පුරා කොතැනක සිටියත් ගණුදෙනු කළහැකි වීම