English தமிழ்
දැන්ම විමසන්න

අල්-ෆලාහ් –  ජූනියර්


අල්-ෆලාහ් ජූනියර් බාලවයස්කාර ඉතුරුම් ගිණුම මඟින් ලාභ බෙදාගැනීමේ ෂරියා මූලධර්මය මත පදනම්ව පරිපූර්ණ ඉතුරුම් සැලැස්මක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලාංකීය විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ ඒ ආකාරයේ ගිණුම වන අල්-ෆලාහ් ජූනියර් ඔබේ දරුවාට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් අත්කරගැනීමට මෙන්ම ළමාවියේ සිටම ඉතිරිකිරීමේ පුරුද්ද සහ මූල්‍ය විනය ඇතිකරගැනීමට උපකාර වනු ඇත.

ආකර්ශනීය ප්‍රතිලාභ, ඉහළ ලාභ සහ ත්‍යාග වලින් සමන්විත මෙම ළමා ඉතුරුම් ගිණුම මඟින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් උදෙසා ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසන අතර, වයස අවුරුදු 18 කරා ලඟා වනවිට ඔවුන්ට උසස් අධ්‍යාපනය හෝ අනෙකුත් ජීවිත ඉලක්ක ලඟාකර ගැනීමට සහය වේ.

  • වයස අවුරුදු 17 සහ ඊට අඩු බාල වයස්කරුවන් සඳහා පමණයි.
  • මාසික පොලී ගෙවීම්
  • වයස අවුරුදු 17 සහ ඊට අඩු බාල වයස්කරුවන් සඳහා පමණයි.
  • පාස් පොත සහිත පූර්ණ සංකලිත ඉතුරුම් ගිණුම
  • විශේෂිත අල්ෆලාහ් මධ්‍යස්ථාන 07 ක් සහ දිවයින පුරා පිහිටි 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා හා සේවා මධ්‍යස්ථාන ඔස්සේ පුළුල් ප්‍රවේශය
  • ගිණුම් හිමියන් සඳහා ආකර්ෂණීය තෑගි

හිමිකම් ඇවිරිණි © 2024 LOLC Finance PLC වෙබ් නිර්මාණය 3CS අඩවි සිතියම

2001 දෙසැම්බර් 13 දින සංස්ථාපිත, LOLC ෆිනෑන්ස් පී.එල්. සී., 2011 අංක 42 දරණ මුල්‍ය ව්‍යාපාර පණත යටතේ ශ්‍රී ලංකා මහ බැංකු මුල්‍ය මණ්ඩලයේ බලපත්‍ර ලාභී වන අතර, Lanka Rating සමාගමේ [SL] A (ස්ථාවර) වර්ගීකරණය හිමි කරගෙන තිබේ. සුදුසුකම් ලත් තැන්පතු වගකීම් තැන්පතුකරුවෙකුට රුපියල් 1,100,000 ක උපරිම වන්දියක් දක්වා මුල්‍ය මණ්ඩලය මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ වැඩපිළිවෙල යටතේ රක්ෂණය කර ඇත.