English தமிழ்
දැන්ම විමසන්න

හීනවන මුෂාරකා


නම්‍යශීලි මූල්‍ය මෙවලමක් වන හීනවන මුෂාරකා යටතේ ඔබේ ව්‍යාපාරය ආරම්භයේ පටන් අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබා දීම සඳහා අල්-ෆලාහ් ඔබ සමඟ අත්වැල් බැඳ ගනී. අත්‍යවශ්‍යයෙන්ම මූල්‍ය හවුල්කාරිත්වයක් වන මෙහිදී එක් පාර්ශවකරුවෙකුගේ කොටස් මිලදී ගන්නා අනික් පාර්ශවකරුට දෙපාර්ශවය අතර එකඟ වූ නැවත අයකරගැනීමේ යාන්ත්‍රණයක් යටතේ පූර්ණ හිමිකාරත්වය අවසානයේදී  හිමිවේ. මේ සම්බන්ධයෙන් LOLC ෆිනෑන්ස් ඔබේ කැමැත්ත පරිදි දේපලක් මිලදී ගැනීමට හෝ ව්‍යාපෘතියක ආයෝජනයක් සඳහා ඔබ සමඟ හවුල්කාරීත්වයට පැමිණෙන අතර එහි සම හිමිකරුවෙකු වෙයි.

මෙම ව්‍යාපෘතියේ හිමිකාරත්වය තුලින් එකඟ වූ කාලසීමාවක් එක් එක් පාර්ශවයේ මූල්‍යමය දායකත්වය පිළිබිඹු කෙරෙන අතර, දේපලෙහි / ව්‍යාපෘතියේ LOLC ෆිනෑන්ස් සතු කොටස් කලින් එකඟ වූ ප්‍රතිශතයක් යටතේ කාලානුරූපව මිලදීගැනීමෙන් එහි සියළුම කොටස් අත්පත් කරගත හැකිවේ. වාරික ගෙවීම සම්පූර්ණ වූ පසු වත්කම මුළුමණින්ම ඔබේ හිමිකාරත්වයට පත්වනු ඇත. හීනවන මුෂාරකා ඉලක්කය ලඟාකරගත් පසු හවුල්කාරිත්වය විසුරුවා හැරේ.     

  • දේපළ මිලදී ගැනීම, දේපල සංවර්ධනය හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා පමණක් අදාළ වේ.
  • එකඟවූ ස්ථාවර කාලසීමාවකට අඩුවන ශේෂය යටතේ මාසික වාරික ගෙවීමේ ක්‍රමය.
  • වාරික ගෙවීම සම්පූර්ණ කල පසු පූර්ණ අයිතිය ඔබ වෙත පවරනු ලැබේ.