English தமிழ்
දැන්ම විමසන්න

වකාලා ව්‍යාපාර සහ කාරක ප්‍රග්ධන මූල්‍ය


වකලා සංකල්පයේ නියමයන්ට අනුව ගණුදෙනුකරු (මූල්‍ය ඉල්ලුම්කරු) මූල්‍ය ආයතනයේ (අල්ෆලාහ්) නියෝජිතයෙකු ලෙස පත් කෙරෙන අතර, වකලා ගිවිසුමෙන් එකඟ වූ පරිදි, ආයෝජනය කර ඇති අරමුදල් ෂරියා අනුකූල ව්‍යාපාර ගණුදෙනු තුලින් ලාභ උපයා ගැනීමේ වගකීම පැවරේ. වකලා ගිවිසුමේ සඳහන් වන පරිදි, නියෝජිතයා වෙත කෙටි කාලීන මූල්‍ය සපයනු ලබන අතර, ආයෝජන සහ ලාභ – ප්‍රතිලාභ ආපසු ගෙවීමේ ක්‍රමවේදය නම්‍යශීලී වේ.

මෙම ආකෘතිය කෙටි කාලීන ව්‍යාපාරික සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා විශේෂයෙන් ගැලපේ.

  • කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වඩාත් සුදුසුය
  • නැවත ගෙවීම් ස්ථාවර වාරික හෝ ඔබේ මුදල් ප්‍රවාහයට සරිලන පරිදි සැකසූ සැලැස්මක් අනුව සිදුකල හැක.
  • වෙළඳ සහ නිෂ්පාදන ව්‍යාපාර සඳහා අදාළ වේ.