English தமிழ்
දැන්ම විමසන්න

ළමා ඉතුරුම් ගිණුම්


 

ළමයින් සහ වයස අවුරුදු 18 දක්වා යොවුන් පෙලට යෝග්‍ය LOLC ෆිනෑන්ස් චැම්ප් ඉතුරුම් ගිණුම නිර්මාණය කර ඇත්තේ දරුවන්ගේ වර්තමානය හෝ අනාගතය වෙනුවෙන් සිය අපේක්ෂා සාක්ෂාත් කරගැනීම සඳහා දෙමාපියන්ට සහය වීමේ අරමුණෙනි. ආකර්ශනීය තෑගි රැසක් සමඟ ඉදිරිපත් කෙරෙන මෙම ඉතුරුම් ගිණුම මඟින් ඔබේ දරුවාට ඔහුගේ / ඇයගේ පෞද්ගලික මූල්‍ය කටයුතු වඩාත් වගකීමකින් සහ ස්වාධීන ලෙස කළමනාකරණය කරන ආකාරය උගන්වයි. LOLC ෆිනෑන්ස් චැම්ප් ඉතුරුම් ගිණුමක් තෝරාගෙන ඔබේ දරුවාට ඔහුගේ ජීවිතයේ හොඳම දේ ලබා දෙන්න.

බාලවයස්කාර දරුවන් සඳහා දෙමාපියන් හෝ භාරකරුවෙකු විසින් ගිණුම් ආරම්භ කළ හැකිය. ඉතිරිකිරීම ළමයින්ට සිත්ගන්නා සුළු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා වයස අවුරුදු 14 සහ ඊට අඩු ගිණුම් හිමියන්ට ආකර්ෂණීය පොලියක් ලබා දී ඇත.

  • රුපියල් 1000/- ක අවම තැන්පතුවක්.
  • 7.5% ක තරඟකාරී වාර්ෂික පොලී අනුපාතයක්.
  • වයස 18 සම්පූර්ණ වුවන් සඳහා කොමර්ෂල් බැංකුවේ ඕනෑම ATM යන්ත්‍රයක භාවිතා කල හැකි ATM කාඩ්පතක්.
  • ඕනෑම ශාඛාවකින් ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව
  • පොලිය දිනපතා ගණනය කරනු ලබන අතර සියළු ගිණුම් සඳහා මාසිකව බැර කෙරේ.