English தமிழ்
දැන්ම විමසන්න

විදේශ ප්‍රේෂණ ආයෝජන ගිණුම්


විදේශ ප්‍රේෂණ ආයෝජන ගිණුම් (IIA) විදේශ මුදල් තැන්පත්කරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්ට සහ ශ්‍රී ලංකාවේ පදිංචි නොවූ පුරවැසියන් සඳහා අගනා ගිණුමකි. එය ඔබේ විදේශ මුදල් සඳහා ඉහළ පොලී අනුපාත භුක්ති විඳීමට හොඳම ක්‍රමයයි. මුදල් වෙළඳපොලේ පවතින අවස්ථාවලින්  ඵල ලැබීමට ඔබ අදහස් කරන්නේ නම්, IIA මඟින් ඔබට ඒ සඳහා පහසු සහ නම්‍යශීලි ආයෝජන ක්‍රමයක් ඉදිරිපත් කරන අතර, එමඟින් ඔබේ විදේශ මුදල් වලට ඉහළ ප්‍රතිලාභ අත්විඳීමට හැකිවනු ඇත.

විශේෂාංග

  • විදේශ ව්‍යවහාර මුදල් බාහිර ප්‍රේෂණ අනුමත හර කිරීම් වන අතර, ගිණුමේ හිමිකරුගේ අනෙකුත් විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් වෙත මාරු කිරීම සහ මෙරට විය පැහැදම් ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් මඟින් සිදුකිරීම.
  • විදේශයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ එවැනි තැන්පතුවල ආයෝජනය සඳහා අනුමත බැරකිරීම් වේ.
  • ඔබේ ගිණුම පවත්වාගෙන යා යුතු මුදල් වර්ග තෝරා ගැනීමට හැකිවීම
  • විදේශ මුදල් ගිණුමක් පවත්වා ගැනීම හෝ ඔබේ විදේශ විනිමය තැන්පතු ශ්‍රී ලංකා රුපියල් වෙත හුවමාරු කොට ආකර්ෂණීය පොලී අනුපාතයක් භුක්ති විඳිමේ විකල්පය
  • එක්සත් ජනපද ඩොලර් 100 ක් හෝ ඊට සමාන අගයකින් යුත් වෙනත් විදේශ ව්‍යවහාර මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් අවම ශේෂයක් පවත්වා ගැනීම.

විදේශ ප්‍රේෂණ ආයෝජන ගිණුම් කා සඳහාද ?


  • විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්
  • ශ්‍රී ලංකාව තුළ ජීවත්වීමට හෝ සේවය කිරීම සඳහා තාවකාලික වීසා බලපත්‍රලාභී විදේශ රටවල පුරවැසියන්
  • විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකික පුරවැසියන්
  • ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි ආයතන
  • විදේශ ආයතනික ආයෝජකයින් –  රාජ්‍ය අරමුදල්, අනොන්‍ය අරමුදල් සහ කලාපීය අරමුදල්